සියලුම තේරීම් භාර නිලධාරීවරුන් කොළඹට කැඳවයි

Thursday, 28 December 2017 - 8:24

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ආකාරය පිළිබඳව සහ නීතිරීති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද දිවයිනේ සියලූම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවා තිබෙනවා.

ඊයේ දිනයේදී පළාත් පාලන ඡන්දය සඳහා තරඟ කරන සියලූම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ නිත්‍ය නියෝජිතයින් සමඟ මැතිවරණ කොමිසම සාකච්ඡා කරනු ලැබුවා.

ඊට පොලීසිය මෙන්ම මැතිවරණ නිරීක්ෂකයන් ද එක්වුණා.

එහිදී පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සීමා පැනවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අපේක්ෂකයන්ට පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යාම දස දෙනෙකුට සීමා කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories