ජනප්‍රිය ගායිකා ජින්ජර්ට අනතුරක් (ඡායාරූප)

Thursday, 28 December 2017 - 11:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දෙනියායේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙමින් සිටි ප්‍රසිද්ධ ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර එහි ගමන්ගත් ජින්ජර් ඇතුළු සිව් දෙනකු ඉන් තුවාල ලබා තිබෙනවා.

ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තාවන්නේ.





ඡායාරූප - නෙළුව රනිල් ප්‍රියංක







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories