සෝමවීර චන්ද්‍රසිරිගේ සහය ජනපතිට

Thursday, 28 December 2017 - 15:04

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහය පළ කරන බව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි ප්‍රකාශ කළා.

ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ පළාත්පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා ලබාදීමේදී මහජන එක්සත් පෙරමුණට ඇතිවූ ගැටළු මුල් කරගනිමින් තමන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශද සඳහන් කළේ තමන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories