කඩවත වෙඩි තැබීමට හේතුව හෙළිවේ

Sunday, 31 December 2017 - 12:20

%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කඩවත - රන්මුතුගල වෙඩි තැබීමේ සිද්ධියට හේතුව මුදල් ගණුදෙනුවක් බවට පොලීසිය සැක පළ කරනවා.

ඊයේ රාත්‍රියේ නිවසකට පැමිණ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු මියගොස් තිබුණා.

සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා සිය අනියම් බිරිඳ සමග වාසය කර ඇති අතර, ඇය රාත්‍රී සමාජශාලාවක සේවය කරන තැනැත්තියක් බවද අනාවරණ වී තිබෙනවා.

එසේම පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මුදල් පොලියට දීම සහ සීට්ටු දැමීම ආදී ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.

එවැනි සිද්ධියකදී පැන නැගුණු ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories