තැපැල් වෘත්තීය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

Monday, 01 January 2018 - 19:18

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බදවා ගැනීම් හා වැටුප් විෂමතා ගැටලූ සම්බන්ධයෙන් ලබන 5 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී විසදුමක් නොලැබුණහොත් ඊට පසුදින සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනය දියත් කරන බව ලංකා තැපැල් සේවා සංගමය පවසනවා.

එහි සභාපති ජගත් මහින්ද ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද පත්‍රිකා සහ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතුවලට ඉන් දැඩි බාධාවක් සිදුවිය හැකි බවයි.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ලැබී ඇති අයදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි. බෙදා හැරීම සදහා ලබන 11 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 22 වනදා සිදුකෙරෙන අතර, අනෙකුත් රාජ්‍ය නිලධාරින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ලබන 25 සහ 26 දෙදින ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, වර්ජනයක් දියත් කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කිියා සිිටියා.

මේ අතර, පසුගිය 9 වනදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 20 ක් වාර්තා වී ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 49 ක්.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකගේ මහවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (31)රාත්‍රියේ කිසියම් පිරිසක් කළු තෙල් සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ජිප් රථයක් අනතුරට ලක්ව ගාල් කර තිබියදී පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ නිවසක තිබී පසුව සොයා ගැණුනා.

කෙසේ වෙතත්, ඊට සම්බන්ධ සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු හෘදයාබාධයක් වැළදී බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ කුඹල්වෙල - හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අනුව නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු මියගිය විට ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකුට අපේක්ෂකත්වය ලබාදිය නොහැකියි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories