දඹුල්ල මූලික රෝහලේ තුන් නිවුන් දරු උපතක්

Tuesday, 02 January 2018 - 14:59

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A++%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
2018 වර්ෂය ආරම්භයත් සමඟ දඹුල්ල මූලික රෝහලේ තුන් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.

මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහල ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු නමැති එක්දරු මව විසින්.

මෙම දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වීම විශේෂත්වයක්.

දරුවන් තිදෙනාම ඉතාමත් හොඳ නීරෝගී තත්ත්වයේ පසුවන බවයි වෛද්‍යවරු පවසන්නේ.

මෙම දරුවන්ගේ මව ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ තමන්ට මීට පෙර එක් පුතෙකු සිටින බවත් එම පුතාට වයස අවුරුදු 5 ක් සපුරා ඇති බවයි.

එමෙන්ම තම සැමියා කොළඹ ප්‍රදේශයේ ලොරියක සේවය කරන අයෙකු බවත් දරුවන් තිදෙනා හදාවඩා ගැනීම සඳහා ආර්ථික දුෂ්කරතා පවතින බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.













(ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස )







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories