දිවියෙකු පහරදී 5 ක් රෝහලේ (ඡායාරූප)

Tuesday, 02 January 2018 - 16:44

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිවියෙකුගේ පහරදීමට ලක්වු වතුකම්කරුවන් 5 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

හැටන් පන්මුර් වතු යායේ තේ දලු නෙලමින් සිටියදී ඔවුන් දිවියාගේ පහරදීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව දිවියන් විශාල ප්‍රමාණයක් සැරිසරන අතර එලෙස සැරිසරමින් සිටි දිවියෙකු තමන්ට පහරදුන් බව තුවාල ලබා දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන කම්කරුවන් ප්‍රකාශකර තිබෙනවා.

මෙම දිවියා අල්ලා ගැනීම සඳහා වතු කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි සඳහන්.

මෙම තත්වය මත වතු කම්කරුවන් ද දැඩි භීතියට පත්ව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙලෙස තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් ගණනාවක් දඩයම්කරුවන් විසින් උගුල් සහ වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කර තිබුනා.

එමෙන්ම වනජීවී නිලධාරීන් ද අලි වෙඩි යොදා ගනිමින් එම දිවියන් රක්ෂිතවලට පලවා හැරීමේ මෙහෙයුමක් ද පසුගියදා ක්‍රියාත්මක කළා.






ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories