නාගලගම් වීදියේ වෙඩිතැබූ පාතාල සාමාජිකයන් සොයා මෙහෙයුමක්

Wednesday, 03 January 2018 - 13:01

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96++%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ - නාගලගම් විථියේ ඊයේ (02) පස්වරුවේ සිදුවු වෙඩි තැබ්මේ සිද්ධිය එකම පාතාල කණ්ඩායමක දෙපිරිසක් අතර සිදුවුවක් බවට මේ වනවිට අනාවරණය වි තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවරමක මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වු බහින් බස්විමක් දුරදිග යාමෙන් වෙඩි තැබිම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි චුට්ටේ සහ සොහොයුරන් වන චාමර ,චතුරංග යන පාතාල සමාජිකයින් අදාල වෙඩි තැබිම සිදු කර ඇති බවට හෙළි වී තිබෙනවා.

මේ වන විට සැකකරුවන් පදිංචි ප්‍රදේශවලින් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබු හතරදෙනා තවමත් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.

ඔවුන්ගෙන් එක් අයෙකුට ඊයේ(02) රාත්‍රියේ ශල්‍යකර්මයක් ද සිදුකර තිබෙනවා.

මේ අතර, නුවරඑළිය නගරයේ දුම්වැටි එජන්සියකට අයත් රුපියල් එක්කෝටි හතලිස් පන්ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

අදාළ ඒජන්සියේ මුදල් අයකැමිවරයා සහ මුදල් රැගෙන යමින් තිබූ ලොරි රථයේ රියදුරා ඊට සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා.

අදාළ ලොරි රථය ප්‍රධාන මාර්ගය මගහැර අතුරු මාර්ගයක් ඔස්සේ ධාවනය කරමින් තිබියදී ඊයේ (02) මෙම කොල්ලය සිදුකළේ ත්‍රිරෝද රථයකින් පැමිණි තුන්දෙනෙකු විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories