කූඩුව එනතුරු පමා වූ දිවි මෙහෙයුම

Wednesday, 03 January 2018 - 13:14

%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
හැටන් - දික්ඔය ප්‍රදේශයේ තේ වත්තකදී පුද්ගලයන් පිරිසක් සපා කෑ දිවියා ඇල්ලීම සඳහා කොළඹින් විශේෂ කූඩුවක් රැගෙන එනතුරු මෙහෙයුම් කටයුතු ප්‍රමාද වී තිබෙනවා.

මේ අතර, දිවියා අල්ලා දෙන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

දින කිහිපයක සිට හැටන් - පන්මූර් වතුයායේ ලඳු කැළෑවක සැරිසරණ දිවියා අල්ලා ගැනීම සඳහා පොලීසිය, වනජිවි දෙපාර්තමේන්තුව එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

මෙම දිවියාගේ පහරදීම හේතුවෙන් වතු කම්කරුවන් 07 දෙනෙකු පමණ මේ වනවිට නාවලපිටිය සහ දික්ඔය යන රෝහල් වල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අද (03) උදෑසන ද වනජිවි නිලධාරින් සහ පොලීසිය එක්ව එම දිවියා අල්ලා ගැනීම සඳහා පන්මූර් වතුයායට ගිය අවස්ථාවේදී වතුකම්කරුවන් සහ වනජිවි නිලධාරින් අතර, මෙලෙස උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

මීට පෙර ද හැටන් ප්‍රදේශයෙන් දිවියෙකුගේ පහරකෑමට ලක්ව කිහිපදෙනෙකු තුවාල ලැබූ අතර, පසුව ප්‍රදේශවාසීන් එක්ව එම දිවියා මර උගුලක් අටවා ඝාතනය කර තිබුණා.

මෙම දිවියන් වර්ගය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති සතෙකු බවයි වනජිවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories