අනුරාධපුර අනතුරකින් 11 ක් රෝහලේ (ඡායාරූප)

Thursday, 04 January 2018 - 9:51

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව සතිපොල ඉදිරිපිට අද (04) උදැසන සිදු වු  අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ගල්ගමුව මුලික රෝහලට ඇතුලත්කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ගසක  වැදිමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

ගල්ගමුව මුලික රෝහලට ඇතුලත් කල පුද්ගලයින්ගෙන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ අනතුරට මුහුණ දී ඇත්තේ ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වී යලි පැමිණි පිරිසක් බවයි.


(ඡායාරූප - රොෂාන් රණසිංහ) 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories