බැඳුම්කර කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු වලට අවශ්‍ය පියවර ගැනීම සඳහා වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ මුදල් සම්බන්ධ නව නීති සම්පාදනය කළ යුතු බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ෆුට්නෝට් කල්ලියේ පිරිස් බැඳුම්කර ගණුදෙනුව සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ ද දැන් සියල්ල හෙළි වී ඇති බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවා නවනීති සම්පාදනය කිරීමෙන් අනතුරුව කඩිනමින් වැරදිකරුවන්ට දඩුවම් පැමිණවිය යුතු බවයි.

Follow US
Most Viewed Stories