ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්වීම අනුකමිටුව පිළිගනී

Thursday, 04 January 2018 - 13:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඉල්ලා අස්වීම එම ගුවන් සමාගම නැවත ගොඩනැගීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුව විසින් පිළිගෙන තිබෙනවා.

එම කමිටුව ඊයේ (03) රැස්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනා පසුගියදා සිය ධුර වලින් ඉල්ලා අස්වුණේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ  වැඩසටහන යටතේයි.

ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories