බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Thursday, 04 January 2018 - 15:05

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති වාර්තාව සහ නිර්දේශවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තුවන බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ බැඳුම්කර කොමිසම විසින් සඳහන් කර ඇති පරිදි 2008 වසරේ සිට සිදුවු දුෂණ සහ අක්‍රමිකතා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම යහපාලන රජයේ අපේක්ෂාව බවයි.

පසුගිය සමයේ ක්‍රියාත්මක වු ද්වේශ සහගත අසත්‍ය අවලාද සහ මඩ ගැසීමේ සම්ප්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමට අවකාශ සැලසීම අභිලාෂය බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ වනවිට බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට යොමුකර තිබෙනවා.

කෝප් කමිටුව විසින් බැඳුම්කර නිකුතුව පිළිබඳ සිදු කළ පරීක්ෂණ වාර්තාව ද 2016 ඔක්තෝම්බර් 31 වනදා අගමැතිවරයාගේ උපදෙස් මත නීතිපතිවරයා වෙත යොමුකර අවසන්.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ බැඳුම්කර නිකුතුව විධිමත් කිරීම මෙන්ම මතබේධාත්මක බැඳුම්කර නිකුතුවට වගකිව යුතු නිලධාරීන් සහ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් ද 2016 දෙසැම්බර් මාසයේ නීතිපතිගෙන් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව බැඳුම්කර නිකුතුව පිළිබඳ සුදුසු නීතිමය පියවර ගැනීමේ වගකීම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

යහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියාමාර්ග ඔස්සේ යළි තහවුරු කිරීමට හැකිවු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, මෙම වාර්තාව සම්බන්ධයෙන් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ඩිව් ගුණසේකර අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ හිටපු මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සහ ඊට අදාළ ක්‍රියාවලියේදී අග්‍රාමාත්‍යවරයා වැරදි කිහිපයක් සිදුකර ඇති බවයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයේ කටයුතු කර ඇත්තේ දිවුරුම් දීමකින් තොරව බවයි ඩිව් ගුණසේකර හිටපු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories