බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධියේ විමර්ශන CID යට

Friday, 05 January 2018 - 7:42

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+CID+%E0%B6%BA%E0%B6%A7
මාලිඟාවත්ත - අරලිය උයන ක්‍රීඩාංගනයේ තිබී 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ සිරුරක් හමුවීමේ සිද්ධියේ ඉදිරියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරා සහ අනෙක් පුද්ගලයා මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

මෙහිදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් තමන්ට ලැබී නොමැති බවයි.

සැකකරුවන් ලබන 16 වනදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද අධිකරණය නියෝග කළා.

මේ අතර, කොළඹ - නාගලගම් විථියේ පසුගියදා සිදුවු වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගැටුමට මැදිහත් වූ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන වැල්ලම්පිටියේ චුට්ටේගේ බිරිඳ සහ සහෝදරියක්.

අපරාධයක් සිදුකිරීමට ආධාර අනුබලදීම ඔවුන්ට එරෙහිව එල්ල වන චෝදනාවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවු කතාබහක් දුරදිගයාම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, ඉන් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories