පාසලකට සිසුවියක් ඇතුළත් කරන්න අල්ලස්

Friday, 05 January 2018 - 7:46

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A
කොළඹ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට සිසුවියක ඇතුළත් කර දෙන බව පවසා රුපියල් එක්ලක්ෂ පහළොස්දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන බවට පවසමින් මෙම වංචාව සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඔහු ඊයේ (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

එමෙන්ම, මීට පෙරද ඔහු මහනුවර ප්‍රදේශයේ තරුණියකට ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මෙලෙස ප්‍රසිද්ධ පාසල්වලට ළමයින් ඇතුළත් කරදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories