කොමදෝරු දසනායකගේ දියණිය පොලිස් කොමිසමට

Friday, 05 January 2018 - 12:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහී සහ සාවද්‍ය කරුණු ඉදිරිපත් කර රණවිරුවන් දින නියමයක් නොමැතිව රඳවාගෙන සිටින බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී .කේ.පී දසනායකගේ දියණිය ඇතුළු පිරිසක් අද (05) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
 
මේ අතර, පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායකගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසක් මෙරට සංචාරය කළ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම හමුවීමට ගත් උත්සාහය ව්‍යර්ථ වුණා.

රණවිරුවන්ගේද මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවට කරුණු දැක්වූ ලිපියක් එම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන්ට භාරදීම සඳහායි ඔවුන් මෙම උත්සාහය දැරුවේ.

එහෙත් එම විශේෂඥයන් කණ්ඩායම හමුවීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වුණා.

2008 - 2009 කාල වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන්ට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ ජූලි 12 වනදායි.

ඉන් පසු අඛන්ඩව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු අවසන් වරට පසුගිය ජනවාරි 02 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.




 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories