බැඳුම්කර සිද්ධිය ගැන පාර්ලිමේන්තුව රැස්වන දිනය

Friday, 05 January 2018 - 13:04

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA
බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ සඳහා වන කැඳවීම් ලිපි කතානායක කරු ජයසූරිය මහතා විසින් මේ වන විට පක්ෂ නායකවරුන්ට යොමුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළේ පසුගිය 3 වැනිදායි.

ඒ සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

ඒ අනුව එම විවාදය පැවැත්විය යුතු දිනය තීරණය කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් එළැඹෙන අගහරුවාදා
කැඳවා තිබෙනවා.

මේ අතර බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද අරලිය ගහ මන්දිරයේදී සාකච්ඡාවක්
කැඳවා තිබුණා.
 
සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මූල්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවට එක් වූ මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එහිදී මහ බැංකු අධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ කොමිසම නිර්දේශ කර ඇති වෝහාරික විගණන පරීක්ෂණය පැවැත්වීම සඳහා සුදුසු දේශීය
හෝ විදේශීය ආයතනයක් තෝරාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ සිදු වූ සැබෑ මුදල් අවභාවිතාවේ ප්‍රමාණය හා පසුගිය රජය සමයේ සිදුව ඇති බැඳුම්කර වංචා සෙවීම සඳහා වෝහාරික විගණනයක් අවශ්‍ය බව කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබුණා.

පසුගිය රජය සමයේ සිදුව ඇති බැඳුම්කර වංචාවලට අදාළ මහ බැංකුවේ සියලු ලිපි ගොනු සුරක්ෂිත කිරීම සඳහා මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා ත්‍රිපුද්ගල
කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, මහ බැංකු අධිපතිල භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගිත්වයෙන්.

මේ අතර මහ බැංකුව අද නිවේදනය කළේ බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත්
සිදුකිරීම සඳහා ඔවුන්ගේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය තාවකාලිකව අහෝසි කිරීම තවත් මාස 6 කින් දීර්ඝ කරන බවයි.

ඒ අනුව තවත් මාස 6 කට පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික වෙළෙඳ පොළෙන් සෘජුව බැඳුම්කර මිලදී ගැනීමට නොහැකි වුවත් ඔවුන්ට ද්විතීයික වෙළෙඳ පොළේ බැඳුම්කර ගනුදෙනු කිරීමේ බාධාවක් මින් ඇතිවන්නේ නැහැ.

මේ අතර බැඳුම්කර සිද්ධියට සෘජුව චෝදනා එල්ලවන හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද තොටළඟ පැවති උත්සවයකට එක් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories