ත්‍රිකුණාමලයේ පුද්ගලයෙකු පැහැර ගැනේ

Saturday, 06 January 2018 - 13:08

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ත්‍රිකුණාමලයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් පිළිබදව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමලය - 4 කණුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු ඊයේ (05) රාත්‍රියේ මෙලෙස පැහැරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු පැහැර ගැනීමට ලක්වී ඇත්තේ සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි පැමිණෙමින් සිටියදීයි.  

මෙම තරුණයාගේ පියා ප්‍රදේශයේ නමගිය ව්‍යාපාරිකයෙකු වන අතර, මීට වසර කිහිපයකට පෙර ඔහු වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වී ඇති බව සඳහන්.

පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ මවට ඊයේ රාත්‍රියේම කිසියම් පිරිසක් දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ පියා හා සම්බන්ධ තොරතුරු කිහිපයක් දැන ගැනීම සඳහා පුත්‍රයා පැහැර ගත් බවයි.

මේ පිළිබදව පොලීසියට කිසිවක් සඳහන් නොකරන ලෙසට ද ඔවුන් තර්ජනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ මව මේ පිළිබදව ත්‍රිකුණාමලය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව තරුණයා සෙවීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories