සීතල වැඩිවේ - නුවරඑළියේ මල් තුහින (ඡායාරූප)

Saturday, 06 January 2018 - 13:23

%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මේ දිනවල උදෑසන සහ රාත්‍රී කාලයේ අත්දැකිය හැකි ශීතලට හේතුව දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ එස්. ප්‍රේමලාල් කියා සිටියේ ලබන 10 වන දායින් පසු දිවයිනට බලපාන දින කිහිපයක වර්ෂාවත් සමඟ මෙම ශීතල කාලගුණ තත්ත්වය පහව යනු ඇති බවයි.

කෙසේ නමුත්, නැවතත් පෙබරවාරි මාසය අවසන් වන තුරු ශීතල කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. ප්‍රේමලාල් වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (06) මල් තුහින පතිත වී තිබෙනවා.


ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories