සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපති මාරු කිරීමට නිර්දේශ

Saturday, 06 January 2018 - 15:25

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවසරය අනුව, එම ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල සහ සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අතර, ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ මූලික වාර්තාව අද (06) පෙරවරුවේ අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින්. එම වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍ය සාගල රත්නායක මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම සිද්ධියේදී දෙපාර්ශවයෙන්ම අඩුපාඩු සිදුව ඇති බව අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා.                 

සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගත් බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.

පසුව ඔහු ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා තවදුරටත් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන්නේ සිදුවූවායැයි කියන පහරදීම් හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories