අවමය නුවරඑළියෙන්

Sunday, 07 January 2018 - 14:41

%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
උදෑසනට සහ සවස් කාලයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය ලබන 10 වන දා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ අවම උෂ්ණත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 4.7ක් ලෙස සටහන් වී තිබූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ උපරිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී ඇති බවයි.

එය සෙල්සියස් අංශක 32.7 ක් ලෙස සටහන් වී තිබෙනවා.

අධික ශීත කාලගුණ තත්ත්වය දිවයිනේ පළාත් කිහිපයකට මේ වන විට බලපා තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික ජන ජීවිතයට ද මේ නිසා බාධා එල්ල වී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සඳහන් කළේ.

පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස්වීමත් සමඟ මෙලෙස ශීත කාලගුණ තත්ත්වයක් ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories