තෙවරප්පෙරුමගේ බාධා කිරීම

Sunday, 07 January 2018 - 20:46

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරි කටයුතු සිදුකළ යුතු බව පොලිස්පති පුජිත් ජයසුන්දර පවසනවා.

පොලිස්පතිවරයා එසේ පවසද්දී, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කිරීමේ සිද්ධියක් ද අද (07) වාර්තා වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ අද පෙරවරුවේ පැවැති උත්සවයේ රාජකාරී කටයුතු සිදුකළ පොලිස් නිලධාරියෙකු මෝටර් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ලබාගෙන තාවකාලික බලපත්‍රයක් ලබාදෙන්නේ ආසන පටි පැළද නොසිටීම, මාර්ගය අවහිර වන සේ මෝටර් රථය නැවතීම සහ පොලිස් අණ පිළි නොපැදීම යන කරුණු මුල් කර ගනිමින්.

එවිට එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් නැවත රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගන්නා අයුරු ද දක්නට ලැබුණා.

කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරී සිදුකළ යුතු බවට පොලිස්පතිවරයා සඳහන් කළ ද බොරැල්ල - කැම්බල් පිටිය අසළ අද සිදුවූ මෙම සිදුවීමෙන් අපට සිතන්නට ඉතිරි වන්නේ පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය නිසි අයුරින් සිදුකිරීමට හැකියාව පවතින්නේ ද යන්න පිළිබදවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories