13 හැවිරිදි දැරියක් දුෂණය කළ 17 හැවිරිදි සිසුවා

Monday, 08 January 2018 - 9:10

13+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+17+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F
වව්නියාවේ ඊච්චන්කුලම ප්‍රදේශයේ වයස අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙකු විසින් වයස අවුරුදු 13 ක පාසල් ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ සිද්ධියක් මත සැකකාර සිසුවා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ සැකකාර  පාසල් සිසුවා සමග එම පාසල් සිසුවිය කාලයක් තිස්සේ ප්‍රේම සබදතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

පාසල් සිසුවා සිසුවිය සමඟ ලිංගිකව හැසිරී ඇත්තේද සිසුවියගේ නිවසේදීමය.

පාසල් සිසුවා සමග සිසුවිය ලිංගිකව හැසිරී ඇත්තේ ඇගේද කැමැත්ත මත බවට පොලීසියට තොරතුරු ලැබී ඇතත් සිසුවියගේ මව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත  සැකකටයුතු සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් පාසල් ශිෂ්‍යාව වව්නියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර  අත්අඩංගුවට ගත් සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories