බැඳුම්කර වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

Tuesday, 09 January 2018 - 18:19

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බැඳුම්කර කොමිසමේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට යළි පක්ෂ නායකයින් රැස්ව විවාදය පැවැත්වෙන දිනය පිළිබඳව තීරණයක් ගන්නා බවයි අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ.

මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ බැඳුම්කර කොමිසම් වාර්තාව මෙන්ම බරපතල දූෂණ වංචා පිළිබඳ වාර්තාද හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බවයි.

එක්සත් ජාතික පක්ෂය  ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකට සූදානම් බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories