හිටපු ඇමති රවීට සිතාසි

Wednesday, 10 January 2018 - 7:34

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ලබන මාර්තු 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ ඊයේ (09) සිතාසි නිකුත් කළා.

ඒ, ආනයනික සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයට පටහැනිව සහල් මෙටි‍්‍රක් ටොන් දහසක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළ සාක්ෂි දීම සඳහායි.

2001 - 2002 ක කාලය තුළ වෙළඳ සහ පාරිභෝගික කටයුතු ඇමති ලෙස කටයුතු කරනු ලැබුවේ රවී කරුණානායකයි.

අදාළ කාලය තුළ සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ විමල් පෙරේරාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories