කොමිසම හමුවට එන පක්ෂ ලේකම්වරු

Wednesday, 10 January 2018 - 7:42

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් අතර අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

පස්වරු 3 ට මැතිවරණ කොමිසමේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති ප්‍රායෝගික ගැටළු පිළිබඳව අවධානය යොමු  කිරීමට නියමිතයි.

එසේම සුළු පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර, සාකච්ඡාවක් ඊයේ (09) පැවැත්වුණා.

කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව පක්ෂ ලේකම්වරුන් සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී මූලික අවධානය යොමු කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් කියා සිටියේ.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන සඳහා බෙදා හැරීම සඳහා තැපෑලට භාර දීම හෙට සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන වල තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මස 22 වනදා සිදු කරන අතර අනෙකුත් රජයේ නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට මේ මස 25 සහ 26 දින ලබාදී තිබෙනවා.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව පන්ලක්ෂ 60,536ක්.

මේ අතර, මෙවර පළාත් පාලන මැතිවරණයට දේශපාලන පක්ෂ රැසකින් නුසුදුසු අපේක්ෂකයින් ඉදිරිපත් වී සිටින බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික සම්මේලනය පවසනවා.

මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් එම සම්මේලනය ඉල්ලා ඇත්තේ එම අපේක්ෂකයින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වුවහොත් ඔවුන්ගේ  මන්ත්‍රී ධුර අවලංගු කරන ලෙසටයි.

ඇතැම් දේශපාලනඥයින් මැතිවරණ අල්ලස් ලෙස පදික වේදිකාවේ වෙළඳසැල් සඳහා අවසර ලබාදෙන බවටද ප්‍රකාශ කරන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ.

එමෙන්ම පසුගිය දෙසැම්බර් 09 වනදා සිට මේ දක්වා මාසයක කාලසීමාවේදී මැතිවරණයට අදාළ පැමිණිලි සහ සිද්ධි 122 ක් වාර්තා වී ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories