එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් 13කට එරෙහිව ස්විස් අධිකරණයකින් තීන්දුවක්

Wednesday, 10 January 2018 - 9:01

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+13%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලාංකික, ස්විට්සර්ලන්ත සහ ජර්මානු පුරවැසිභාවය හිමි එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් 13 දෙනෙකුට එරෙහිව ස්විට්සර්ලන්තයේ බෙලින්සෝනා නුවර පිහිටි ෆෙඩරල් අධිකරණයේදී ඊයේ (09) නඩු විභාගයක් ආරම්භවීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් දෙමළ ජාතිකයින් පිරිසක් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.

කොටි සංවිධානය වෙනුවෙන් නීතිවිරෝධී ලෙසින් ඩොලර් මිලියන 15 කට වැඩි මුදලක් රැස්කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ස්විට්සර්ලන්තයේ නීතියට අනුව සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර, ඔවුන්ගෙන් ඇතමෙකු ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයන් වන බව සඳහන්.

ඊයේ දිනයේ නඩු විභාගය අතරතුර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නඩුව විභාග නොකර එය යළිත් නීතිපතිවරයා වෙත යොමුකරන මෙන් ඉල්ලා සිටි බවයි ස්විට්සර්ලන්ත මාධ්‍ය වාර්තා කළේ.

අපරාධ කල්ලියකට සම්බන්ධවීම හෝ සහාය දීමේ චෝදනාව යටතේ සැකකරුවන් 12 දෙනෙකුට නඩු පවරා ඇති අතර, වංචා කිරීම, ව්‍යාජ ලේඛණ සැකසීම සහ කළු සල්ලි ජාවාරම පිළිබඳවද ඔවුන්ගෙන් බහුතරයකට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එම චෝදනාවලට අමතරව විත්තිකරුවන් දෙදෙනෙකුට කප්පම් ගැනීමේ චෝදනාද එල්ල වී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories