ඡන්ද පෙත්සම් සියල්ල 15 වන දා සලකා බැලේ

Wednesday, 10 January 2018 - 13:00

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+15+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව ඉදිරිපත් වී ඇති පෙත්සම් සියල්ල මේ මස 15 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා.

මෙම පෙත්සම් අද කැදවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න හමුවේයි.

මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂය ගොනු කර තිබු පෙත්සම ඊයේ (09) කැදවූ අතර එය අද (10) දිනය දක්වා කල්තැබීමටයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

ඊට අමතරව තවත් පක්ෂ කිහිපයක් ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories