කාන්තාවන්ට තිබු තහනමක් ඉවතට

Wednesday, 10 January 2018 - 16:37

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ස්කාගාරවලින් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල මත්පැන් අලෙවි කිරීමට, මිලට ගැනීමට සහ ඒවායේ සේවය කිරීමට කාන්තාවන්ට පැවති තහනම ඉවත් කර තිබෙනවා.

මීට අදාල ගැසට් පත්‍රයට අද දිනයේදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අත්සන් තැබු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම තහනම ඉවත්වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණයි.

මීට පෙර කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීම, ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට ද තහනම් කර තිබුනා.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමෙන් පසු එම තහනම ඉවත් වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories