ගනේමුල්ල ගුවන් පාලම හෙට ජනතා අයිතියට (ඡායාරූප)

Wednesday, 10 January 2018 - 16:51

%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගනේමුල්ල ගුවන් පාලම හෙට ජනතා අයිතියට පත් කෙරෙනවා.

ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයක් වන ගනේමුල්ල දුම්රිය මාර්ගය ද හේතුවෙන් දැඩි රථ වාහන තදබදයකට මුහුණපා තිබුනා.

ඊට පිළියමක් ලෙසටයි 2016 අප්‍රේල් මස 19 වනදා ගනේමුල්ල ගුවන් පාලම ඉදි කිරීමට මුල්ගල් තබනු ලැබුවේ.

මීටර් 300 ක දිගින් යුත් පිවිසුම් මාර්ගයත් සමග පාලමේ සම්පුර්ණ දිග මීටර් 504 ක්.

මංතීරු දෙකක් සහිතව ඉදිකර ඇති ව්‍යාපෘතියට වැයවූ මුදල රුපියල් මිලියන 1768 කට අධිකයි.

ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා දෛනිකව දුම්රිය වාර 154 ක් පමණ ගමන් කරන බැවින් පැය 3 ක පමණ කාලයක් විටින් විට ප්‍රධාන මාර්ගය වසා තැබෙනවා.

එමගින් ඇතිවු වාහන තදබදය හමුවේ ජනතාවට මුහුණපෑ අසීරු තත්වය මෙම පාලම විවෘත කිරීම මගින් පහව යන බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories