මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි

Thursday, 11 January 2018 - 15:29

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%80+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘතව සහ වසා තැබෙන වේලාවන් සංශෝධනය කරමින් සුරාබදු ආඥා පනත යටතේ නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදේශ මත්පැන් තැබෑරුම්, රා තැබෑරුම්, සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල්, සිනමා ශාලා බලපත්‍ර ස්ථාන මෙන්ම, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන ඇතුළු මත්පැන් අලෙවි මධ්‍යස්ථාන බලපත්‍ර 17 කට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

නව සංශෝධනයට අනුව, විදේශීය මත්පැන් තැබෑරුම් පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වාත්, මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන පෙරවරුවේ 8 සිට රාත්‍රී 10 දක්වාත්, විවෘතව තැබිය හැකියි.

මීට පෙර මත්පැන් සිල්ලර විකිණීමේ ස්ථාන රාත්‍රී 9 ට වසා දැමීමටයි නියෝග කර තිබුණේ.

එසේම, තැබෑරුම් සහ සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල්වල සුරාසැල් දහවල් දෙකේ සිට පස්වරු 5 දක්වා වසා දැමිය යුතු බවට පනවා තිබූ රෙගුලාසිය ද නව සංශෝධනයෙන් අහෝසි කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories