සුරැකුම්පත් කොමිසමේ පර්පෙචුවල් වත්කම් ගැන නිසි පියවර ගැනීම ඇරඹේ

Friday, 12 January 2018 - 7:41

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්තාව එහි ඇතුළත් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් එම වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට යොමුකර තිබෙනවා.

ඒ අනුව දැනටමත් එහි අඩංගු ඇතැම් නිර්දේශයන් ක්‍රියාවට නංවා ඇති අතර, අනෙකුත් නිර්දේශයන්ද ක්‍රියාත්මක කරමින් සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මුදල් මණ්ඩලය විසින් ජනාධිපති කොමිසමේ වාර්තාව අඛණ්ඩව සැලකිල්ලට ගෙන සුදුසු පරිදි එය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මහ බැංකු භාරයේ ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයට අයත් වත්කම් තහනමට ලක්කර ඇති අතර, සුරැකුම්පත් හා විනිමය හුවමාරු කොමිසම යටතට වැටෙන වත්කම් සම්බන්ධයෙන්ද සුදුසු පියවර ගන්නා බවයි මහ බැංකුව සඳහන් කළේ.

2008 වසරේ සිට 2014 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සහ 2016 මාර්තු මාසයේ පැවැත් වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකිරීමටද මුදල් මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories