එස්.ටී.එෆ් භටයින්ට ප්‍රහාරයක්

Friday, 12 January 2018 - 13:01

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පස්සර - එල්බර්ඞ් වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගම්වාසීන් පිරිසක් අතර ඊයේ (11)පස්වරුවේ හට ගත් නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකිරීමට යාමේදී මෙම නොසන්සුන් තත්ත්වය හට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පස්සර - ආගරතැන්න විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරින් 8 දෙනෙකු පමණ එම වැටලීම සඳහා සහභාගි වී තිබෙනවා.

එහිදී, එල්බර්ඞ් වත්තේ කම්කරුවන් ඇතුළු ගම්වාසීන් පැමිණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට පහරදී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

40 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් අදාළ පහරදීම් සිදුකර ඇති අතර, ඔවුන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් ද ඒ අතර සිටින බවයි පොලීසිය කියා සිටියේ.

මේ අතර, සැකකරුවන් සමඟ පොර බැදීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තුවාල ලබා මේ වනවිට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊට අමතරව, සිද්ධියෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසියෙකු ද රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකුගෙන් විමසා සිටියා.

එහිදී ඔහු පැවසුවේ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්ෂණ කණ්ඩායම් 3 ක් ඔස්සේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories