නව ජනපති කොමිසම ලබන සතියේ

Saturday, 13 January 2018 - 17:09

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
මිහින්ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති දූෂණ පිළිබද විමර්ශනය කිරීමේ කොමිසම ලබන සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියකට දඹුල්ලේ දී අද (13) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ පසුගිය රජය සිදු කළා යැයි පවසන සවර්ධනයේ කලු - සුදු බව ඉදිරියේදී තවදුරටත් රටේ ජනතාවට අනාවරණ වනු ඇති බවයි.

කුමන අභියෝග හමුවේ වුව ද දුෂිත දේශපාලනය වෙනස් කර රට ඉදිරියට ගෙන යාමේ අභියෝගය ජයගන්නා බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories