ඇමති හර්ෂගේ ස්ථාවරය

Saturday, 13 January 2018 - 18:51

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA
බැදුම්කර කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර ඇති වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

කෝට්ටේ ප්‍රදේශයේ පාක්ෂිකයින් දැනුවත් කිරීමේ හමුවකට අද (13) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 ‘‘ දැන් ඔය වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ කාට හරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියනවා නම් ඒ පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම කරන්න බැරිනම් අපිටත් මේ පක්ෂයේ ඉඳලා වැඩක් නැහැ. අපි අපේ හිතට එකඟව කතා කරන්න ඕනේ. ඒ නිති ක්‍රියාමාර්ග ඒ විදිහටම ගන්න ඕනේ. එහෙම කරන කන් අපි ඉන්නවා. එහෙම කරන්න බැරිනම් අපිත් නැහැ. මොකද අපේ පක්ෂය හොරු ආරක්ෂා කරන පක්ෂයක් නෙමෙයි. අපේ නායකතුමා හොරු ආරක්ෂා කරන නායකයෙක් නෙමෙයි.

ප්‍රශ්නය - එතුමාටනේ චෝදනා එල්ල වෙන්නේ දිගින් දිගටම ?

- නැහැ. එතුමාට චෝදනා එල්ල කරන්නේ දේශපාලන චෝදනා. අපි මේක දේශපාලනයෙන් තොරවනේ මේක බලන්න ඕනේ. වාර්තාවෙන් කියයිනේ කාටද කියලා ක්‍රිමිනල් මේවා ගේන්න ඕනේ. ගේන්න ඕනේ කියලා කියනවා නම් ඒ කට්ටියට ගේන්න ඕනේ. ඒවා දාන්න බැරිනම් අපිත් යනවා යන්න.

ප්‍රශ්නය - ඔබතුමා සමඟ කවුද යන්න ඉන්නේ?

- ඔයා මාව අමාරුවෙ දානවා.

රාජගිරිය ගුවන් පාලම සම්බන්ධයෙන් ද එහිදී මාධ්‍යවේදියෙකු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

‘‘ ප්‍රශ්ණය -  ඔබතුමාලා ඇයි බාගෙට පාලම විවෘත කලේ ?

පාලම බාගෙට විවෘත කරලා නැහැ. පාලමට චෝදනාවක් ඇවිත් තිබුනා මිටර් 534 දික් වෙන්න ඔනේ නමුත් 15‍% ඉතුරු කරගන්න එක අඩුකරල කියලා. මිටර් 01 අඩු වේන් නැ. කරුනාකරලා මේවා ඔයාලගේ රූපවාහිනිවල දාන්න. අසාදාරන විදියහට සමහර වෙලාවට චෝදනා එල්ල වෙලා තියෙනවා මෙක අඩු කරලා කියලා. පාර හදල ඉවරයි. පලම යට ගොඩක් වැඩ කරන්න තියෙනවා. අපිට පාලම යට වැඩකරගන්න විදිහක් නැ. අපිට පාලම උඩට වාහන ටික දගන්න ඔනේ පාලම යට වැඩටික කරගන්න. ඉතින් එ වැඩ පිලිවෙල කරගන්න තමයි පාලම උඩින් දාලා ඉතුරුටික කරගන්න තියෙන්නේ’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories