සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පුද කරමින් අද තෛපොංගල් දිනය සැමරේ

Sunday, 14 January 2018 - 7:47

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%9B%E0%B6%B4%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතව තෛපොංගල් උත්සවය ලොව පුරා දෙමළ ජනතාව අද සමරනු ලබනවා.

හින්දු දින දර්ශනයට අනුව අද ආරම්භ වන අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනයයි.

කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.

මෙම උත්සවයේ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කිරි සහ සහල් පිසීමයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අතරම, එයට ශක්තිය සපයන අවස්ථාවක් ලෙස ද සලකන බවයි.

අතීත සම්ප්‍රදායන් සුරැකීමටත් එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය මනුෂ්‍යත්වය, සමගිය සහ සංහිදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මග පාදන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

තෛපොංගල් උත්සවයෙන් සියලූ දහම්වල හරය කැටි කර ගත් සොබාදහමේ අගය පෙන්වා දෙන බව තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ලොව පුරා දමිල ජනතාව හරසරින් සමරන තෛපොංගල් උත්සවය මානව ජීවිතය සමෘද්ධිමත් කිරීම සදහා ජීවය ලබාදෙන සොබාදහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සොබා දහම සමග සහ සම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවීමටත් වාර්ගික, ආගමික භේදය ඉක්මවා සාමය, සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනැගීමටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා යන්න අග්‍රාමාත්‍යවරයාගේ තෛපොංගල් දින පණිවුඩයේ තවදුරටත් සදහන්.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සතුට පිරි සෞභාග්‍යමත් දේශයක් බවට මෙරට පත් කිරීම සදහා උදා වූ තෛපොංගල් දිනය ආශීර්වාදයක් වේවායි යන්නයි.  

දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වන ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාගැනීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පිළියමක් සොයාගැනීමේ උත්සාහය මෙම වර්ෂයේදී ප්‍රමාද නොවී සිදුකිරීමට අවස්ථාවක් උදාවේවායි යන්න ඔහු සිය පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරනවා.

ජනතාවට තමන්ගේ බලය පෙන්විය හැකි මැතිවරණ මොහොතක එළඹ ඇති තෛපොංගල් නව වසර තමන්ගේ ජීවිතත්, රටත් නව දිශාවකට හැරවීමේ අධිෂ්ඨානය කැටි කර ගන්නා නිමිත්තක් බවට පත් කර ගත හැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories