දරුවන් දම්වැලින් බැඳ දැමූ ඇමරිකානු දෙමාපිය යුවළක් අත්අඩංගුවට

Tuesday, 16 January 2018 - 11:51

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තම දරුවන් 13 දෙනා දම්වැලින් බැඳ දැඩි පීඩාවට ලක් කළ ඇමරිකානු දෙමාපිය යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිඩ් තදාසන්න ප්‍රදේශයේ නිවසක මෙලෙස පීඩාවට ලක් කර සිටි ළමයින් 12 දෙනෙකු පිරිමි ළමයින් වන අතර, ඉන් පලා ආ 17 හැවිරිදි දැරිය විසිනුයි පොලීසියට දැනුම්දීමක් සිදුකර ඇත්තේ.

එම ළමයින් වයස අවුරුදු දෙකේ සිට 29 දක්වා වන අතර, අත්අඩංගුවට ගත් පියාගේ වයස අවුරුදු 57ක් සහ මවගේ වයස අවුරුදු 49ක් වනවා.

මොවුන් තම දරුවන් වධ බන්ධනවලට ලක් කිරීමට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි ප්‍රාන්ත පොලීසිය සඳහන් කළේ.

බේරා ගත් ළමයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories