එක්දින සේවාවෙන් හැඳුනුම්පත් ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණි ජනතාව එම කටයුතු අත්හිටුවා තිබීම හේතුවෙන් අපහසුතාවන්ට පත්වුණා.
ඔවුන් කියා සිටියේ අද දිනය තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව එහි නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවයි.
මේ පිළිබඳව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්රකාශකයෙකු කියා සිටියේ හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්ර කිහිපයක් අක්රියවීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බවයි.
කෙසේ වෙතත් එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් අයදුම් කර ඇති සියලුදෙනාට තැපැල් මගින් හැඳුනුම්පත් යැවීමට පියවර ගන්නා බවද ප්රකාශකයා කියා සිටියා.

Follow US
Most Viewed Stories