පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

Wednesday, 17 January 2018 - 15:34

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඊයේ රාත්‍රී සිට අද අලුයම දක්වා දිවයිනේ සියලු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 802 ක් සහ නීති විරෝධී ගිනි අවි 2 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 2 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝග සහ උපදෙස් අනුවයි.

එහිදී විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මධ්‍යසාර වැටලීම් 762 ක් සිදුකර තිබෙනවා.

ගංජා කිලෝ 14 යි ග්‍රෑම් 990 ක්, හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිගෑම් 334 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 1738 ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය නිවේදනය කළේ.

රථ වාහන  නඩු 5298 ක් ද ලබාගෙන ඇති අතර බීමත්ව රිය පැදවු පුද්ගලයන් 802 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම විවිධ අපරාධවලට සැකපිට පුද්ගලයන් 695 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් 89 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.

මත්පැන් පානය, බීමත්ව අශෝබන ලෙස හැසිරීම, වැලි සහ දැව වැටලීම් නඩු 81 ක් ද ලබාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories