ජංගම දුරකතනයක් ගිල්වා මව ඝාතනය කළ පුතා

Wednesday, 17 January 2018 - 16:41

%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F
තම මව ඝාතනය කළ පුද්ගලයෙකු ඌව පරණගම මොරගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජංගම දුරකථනයක් මවගේ උගුරට දමා හුස්ම හිර කර සැකකාර පුත්‍රයා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මියගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවක්.

මව අභිරහස් ලෙසට මියගොස් ඇති බවට සැකකාර පුත්‍රයා ඊයේ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

ඒ පසුගිය 15 වනදා රාත්‍රී තමා සහ බිරිඳ නිවසින් පිටව ගිය අතර යළිත් පසුදා උදෑසන නිවසට පැමිණ බලන විට මව මියගොස් සිටි බවට පවසමින්.

ඇතිවු සැකයක් මත මෙය සැක කටයුතු මරණයක් ලෙසට සලකා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදුකර තිබෙනවා.

පසුව බදුල්ල මහ රෝහලේදී අද සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙය හුස්ම හිරකර සිදු කළ ඝාතනයක් බවයි.

ඊට ජංගම දුරකථනයක් යොදාගෙන ඇතැයි හෙළිවී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ ඌව පරණගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories