කැරළි මර්දන ඒකකයේ සහයෙන් විදුලිබල සභාපති නිදහස් - සේවකයන් හෙට වර්ජනයක

Wednesday, 17 January 2018 - 21:20

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
පැය 5 කට අධික කාලයක් විදුලිබල මණ්ඩල සේවක ග්‍රහණයේ සිටි විදුලිබල මණ්ඩල සභාපතිවරයා පොලිස් කැරලි මර්දන ඒකකයේ මැදිහත් වීමෙන් මුදාගෙන තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ පොලිස් කැරලි මර්දන ඒකකයේ මැදිහත් වීමට විරෝධය පළ කරමින් හෙට පෙරවරුවේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

2015 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට සිදු කළ වැටුප් වැඩි කිරීම වහාම අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි මණ්ඩලය ඉදිරිපිට විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද විරෝධතාවක නිරත වුණා.

එහිදී අමාත්‍යාංශය ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සමඟ වෘත්තීය සමිති නායකයින්ට සාකච්ඡාවකට අවස්ථා හිමි වූ අතර එම සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

අනතුරුව ඔවුන් අද පස්වරුවේ විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් පී ගනේගල මහතා හමුවීමට පැමිණියේ සිය ගැටලුවලට විසඳුම් අපේක්ෂාවෙන්.

එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිස සභාපතිවරයාගේ නිල කාමරය වටකරමින් සභාපතිවරයාට ඉන් පිටතට පැමිණිමට ඉඩ ලබා දුන්නේ නැහැ.

එහිදී සභාපතිවරයා ඇතුළු නිලධාරීන් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීම නතර කරන ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් පොලීසිය මෙහිදී විරෝධතාකරුවන්ට ඉදිරිපත් කළත් ඔවුන් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් රාත්‍රි 8.30ට පමණ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් පැමිණ විදුලිබල සේවකයින්ට බැට්න් ප්‍රහාර එල්ල කර සභාපතිවරයා ඉන් මුදා ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර මෙම සිද්ධියේදී සේවකයන්ට පහරදුන් බවට චෝදනා කරමින් විදුලි වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ හෙට උදෑසන සිට දීප ව්‍යාප්තව මෙම වර්ජනයට එක්වන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories