සෙවණගල ඝාතනයට හේතුව හෙළිවේ

Thursday, 18 January 2018 - 7:39

%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%AB%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ඇඹිලිපිටිය - සෙවණගල - කටුපිලගම ප්‍රදේශයේදී අද (18) අලූයම පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව පෞද්ගලික ආරවුලක් බවට අනාවරණ වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 3 ක් ද පත් කර ඇති බව සඳහන්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබූ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ 39 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙක්.

මොහුගේ බිරිඳ විදේශගතව සිටින අතර එක් දියණියකගේ නව නිවසට ගෙවදීමට නියමිතව තිබුණේ ද අද දිනයේයි.
 
ඊයේ (17) රාත්‍රියේ එම නිවසේ සිට මියගිය පුද්ලයා සිය නිවසට පැමිණි පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අසල්වාසියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories