බැඳුම්කර වාර්තාව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට

Friday, 19 January 2018 - 7:52

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
බැඳුම්කර කොමිසමේ වාර්තාව සිංහලට පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

එම කොමිෂන් සභාව ලිපියක් මගින් කොමිෂන් සභා වාර්තාව පරිවර්තනය කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොමිසන් සභාවේ සභාපතිවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා.

පසුගියදා බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුවටද භාර දෙනු ලැබුවා.

බැඳුම්කර පරීක්ෂණ වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් 26 ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් මෙහිදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමටයි ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කළේ.

එමෙන්ම, පසුගිය 10 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටද, ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් යොමුකරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories