ඉන්දියාව න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි මිසයිලයක් අත්හදා බලයි

Friday, 19 January 2018 - 8:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ගොඩබිම සිට කිලෝමීටර් 5000 ක් ඈතින් වූ තවත් ගොඩබිම් ඉලක්කයකට න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි බැලිස්ටික් මිසයිලයක් ඉන්දියාව ඊයේ සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා.

අග්නි - 05 වර්ගයේ ඉන්දියාවේ නිෂ්පාදිත එම මිසයිලයට චීනයට හෝ යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට ළඟා විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

මීටර් 17ක් උසැති මීටර් 2 ක් පළලැති අදියර 3 කින් යුත් මෙම මිසයිලය ඔඞීෂා වෙරළට ඔබ්බෙන් වූ අබ්දුල් කලාම් දිවයිනේදී අත්හදා බලනු ලැබූ බව ඉන්දීය ආරක්ෂක ඇමතිනි නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළා.

එමගින් ටොන් 1 යි දශම 5 ක් බරැති න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි අතර, ප්‍රතිමිසයිලයක් මගින් එය වැළැක්වීමේ හැකියාව ඇත්තේ ඇමරිකාවට, රුසියාවට සහ ඊශ්‍රායලයට පමණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories