ජූලි පළමුවනදා සිට ශ්‍රී ලංකාවට ආනයනය තහනම් වන වාහන

Friday, 19 January 2018 - 10:39

%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1
ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රම වේදයන් සහිත යුරෝ - ෆෝ හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන ආනයනය ජුලි මස පළවනදා සිට තහනම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස පළවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත එම තීරණය කල් දැමූ බව එහි දැක්වෙනවා.

මේ අතර 2018 අයවැය මගින් රථවාහන සම්බන්ධයෙන් ගනු ලබන පියවර රැසක් පිළිබඳව ද සඳහන් කෙරුණා.

එම තොරතුරු පහතින්.

පසුගිය කාලය පුරාවට අපගේ වාහන ප්‍රතිපත්තියේ පවිත්‍ර බවක් හෝ හරිත බවක් තිබුණේ නැහැ. රටේ තිබෙන සියලුම වාහන 2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට අප යෝජනා කරනවා. මේ අරමුණු ඉටු කර ගැනීම පිණිස රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කරනු ලබනවා.

මේ සන්දර්භය ප්‍රකාරව, ප්‍රමාණවත් දිරි ගැන්වීම් ව්‍යුහයක් හදුන්වා දෙනු ලබනවා. විදුලි ත්‍රීරෝද රථ සහ බස් රථ ඇතුළුව, විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ආනයනික බදු අඩු කරනු ලබන අතර, ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන වාහනවල ආනයන බදු යථාවත් කරනු ලබනවා. එන්ජින් ධාරිතාවය මත පදනම් වූ ආනයනික බදු සූත්‍රයක් හදුන්වා දෙනවා. මෙමගින් ආනයන ආදායමේ සිදුවන කාන්දුවීම් ද අවම කරනවා.

* විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩුවන අතර ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන අති සුඛෝපභෝගී කාර් සඳහා වන බදු දළ වශයෙන් රුපියල් ලක්ෂ 25 කින් වැඩි වනු ඇත.

* එන්ජින් ධාරිතාව 2,500 කට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා අප විසින් විශේෂ බද්දක් පනවනවා.

* ඒ සමගම, පරිසර හිතකාමී විදුලි ත්‍රීරෝද රථ භාවිතය දිරිමත් කිරීම පිණිස ඞීසල් මගින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා වන ආනයන බදු රුපියල් 50,000 කින් පමණ ඉහළ දමනවා.

* විදුලි බස් රථ සහ ත්‍රීරෝද රථ ආනයනය සඳහා වටිනාකමට ණය අනුපාතය 90/10 ලෙස සංශෝධනය කරනවා. දේශීය වශයෙන් එකලස් කරන විදුලි කාර් රථ සහ විදුලි බස් රථ සඳහා ද මෙම පහසුකම ලබා දෙනවා.

* වාහන ආනයනයේ දී, නැව්ගත කිරීමට අවශ්‍ය වන්නා වූ පෙර සහතිකවල කොන්දේසි සංශෝධනය කරන අතරම, විමෝචන සහ ආරක්ෂණ ප්‍රමිතීන් හදුන්වා දෙනවා.

* ශ්‍රී ලංගම බස්රථ ඇනියට විදුලි බස් රථ 50 ක් හදුන්වා දීමෙන් පොදු ප්‍රවාහන පද්ධතිය, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයට පරිවර්තනය කිරීමේ ප්‍රමුඛයා බවට පත් කරනවා. පෞද්ගලික බස් හිමියන්ට ද විදුලි බස් රථ යෙදවීම වෙනුවෙන් සානුබල සපයනු ලබනවා.

* ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි ආරෝපන මධ්‍යස්ථාන පිහිටුවීම දිරිමත් කිරීමට සානුබල සපයනවා. මෙම සානුබලයන් කෘෂිකර්මාන්තයට මෙන්ම බිදිති ජල සම්පාදනය, කුකුඵ පාලනය, ටින් කිරීම වැවිලි ඇතුලූ කෘෂි සැකසුම් කර්මාන්තවලට ද හෝටල් කර්මාන්තයට ද ලබා දෙනවා.

* කාබන් බද්දක් හදුන්වා දීමටත් මා යෝජනා කරනවා. මෝටර් බයිසිකල්, කාර් සහ මගී බස් රථ සඳහා අනු පිළිවෙලින් දිනකට ශත 17 ක්, රුපියල් 1.78 ක් සහ රුපියල් 2.74 ක් වශයෙන් මෙම අනුපාතයන් අදාළ වනවා. මෙම අරමුදල් පරිසරය ආරක්ෂා කිරීම සඳහා යොදවනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories