රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් ගම්පහ සහ කොළඹ ප්‍රදේශවල පිහිටි දේපළ විකිණීම හෝ අන්සතු කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (19) තහනම් නියෝගයක් නිකුත් කළා.
යුක්රේන මිග් යානා ගණුදෙනුවට අදාළ සිද්ධියේ සැකකරුවෙකු වන ඔහුට අදාළ තහනම් නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අදාළ නියෝගය අත්තනගල්ල සහ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ට යොමුකරන ලෙසයි.
එමෙන්ම, ඔහුගේ බැංකු ගිණුම් 08 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු සතුව රුපියල් මිලියන 94 ක වත්කම් ඇති බවට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 07 ක්, කොළඹ ප්‍රදේශයෙන් අක්කරයක් සහ නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු මිලදී ගෙන ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ දිනයේ අදාළ කරුණු දැක්වු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අනුවයි අද දිනයේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට මෙම තහනම් නියෝගය නිකුත් කෙරුණේ.
මේ අතර, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ගබඩා පාලකයෙකු වන අජිත් ප්‍රසන්නට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවට අදාළ චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
කැරම් බෝඩ් බෙදාදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පවතින නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි මෙලෙස එම චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම සිදුවූයේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගෙන් ඉල්ලා සිටියේ දැනට නඩු පවරා ඇති සැකකරුවන්ට දෙදෙනාට අමතරව තවත් අයෙකුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.
හිටපු සතොස සභාපතිවරයෙකු වන නලින් රුවන්ප්රිය ප්‍රනාන්දු නැමැත්තා එම සිද්ධියට වගකිව යුත්තෙකු බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ චූදිතයන් තුන් දෙනාටම ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවට බී වාර්තාවක් මගින් අද කරුණු වාර්තා කළා.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කළේ මාර්තු 02 වනදාට අදාළ චෝදනා පත්‍ර ගොනුකරන ලෙසයි.
චෝදනාව එල්ල වන හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදාහරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Follow US
Most Viewed Stories