පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 14 ක් සලකා බැලීම මේ මස 24 වනදා දක්වා යළි කල් තැබුණා.
ඒ, එම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවන් හමුවේ සලකා බැලූනු අවස්ථාවේයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර කරුණු දක්වමින් කියා සිටියේ අද සලකා බැලූණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ බවයි.
එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එම නියෝගය ගෙන්වා අධ්‍යයනය කිරීම සුදුසු බවට තීරණය කරමින් මෙම පෙත්සම් 14 මේ මස 24 වනදා යළි සලකා බැලීමට තීරණය කළා.
මහරගම නගර සභාවේ පොදුජන පෙරමුණු නාම යෝජනා සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මැතිවරණ කොමිසම, පළාත් පාලන මැතිවරණ නීතියට අනුව කටයුතු කර ඇති බවයි.
ඒ අනුව පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ නීතිමය පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ල සදහන් කළා.

Follow US
Most Viewed Stories