ඌව මහඇමති ඉදිරියේ දනින් වැටුණු බව, බදුල්ලේ විදුහල්පතිනිය පිළි ගනී

Friday, 19 January 2018 - 18:52

%E0%B6%8C%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%2C+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඔහුගේ නිල නිවසේදී තමන් දණ ගැස්වූ බව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.බවානි අද ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ පළාත් අධ්‍යාපන බලධාරීන් ඉදිරියේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින්.

පසුගිය ජනවාරි මස 03 වැනිදා සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය බලපෑම් සිදුකළ බවත්, අදත් ඇය විදුහලට පැමිණීමෙන් අනතුරුව ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට දැනුම් දුන් බවත්, විදුහල්පතිනිය මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු විසින් පසුගිය ජනවාරි මස 02 වැනිදා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මගින් බදුල්ල දෙමළ බාලිකා පාසලට සිසුවියක් ඇතුළත් කර ගන්නා ලෙස විදුහල්පතිනියට දැනුම් දී තිබෙනවා.

එහෙත් ඒ වනවිට පුරප්පාඩු පුරවා තිබූ බැවින් එය ප්‍රතික්ෂේප කළ බවයි ඇය අද සඳහන් කළේ.

අනතුරුව ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය තමන්ට ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට යන ලෙස උපදෙස් ලබාදුන් බවත්, එහිදී  ප්‍රධාන අමාත්‍යවරයා අසභ්‍ය වචනයෙන් බැන වැදී අවසානයේ තමන්ට ඔහුට දණ ගසා වැඳීමට සිදුවූ බවත් විදුහල්පතිනිය ප්‍රකාශ කළා. බලපෑම් හේතුවෙන් එවැන්නක් සිදුනොවූ බවට මීට පෙර කරුණු දැක්වූ බව ද ඇය කියා සිටියා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ මෙම සිද්ධියට ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වතුකරයේ සියලූම ජනතාව එක්රැස් කරගනිමින් විරෝධතාවක නිරත වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories