න්‍යෂ්ටික සහයෝගීතාව ගැන, රුසියාව සහ ශ්‍රී ලංකාව සාකච්ඡාවක

Saturday, 20 January 2018 - 12:48

%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
සාමකාමී න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාවක් ඇතිකරලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාකච්ඡා පැවැත්වුණු බව න්‍යෂ්ටික බලශක්ති සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වෙබ් අඩවියක් සඳහන් කළා.

වර්ල්ඩ් නියුක්ලියර් නිව්ස්  නැමති එම වෙබ් අඩවියේ සඳහන් කළ පරිදි රුසියානු රජයේ ජාතික න්‍යෂ්ටික සංස්ථාව වන රොස්ඇටම් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නිකලෝයි ස්පාස්කි ඇතුලූ දූත පිරිසක් පසුගිය ජනවාරි 16 සහ 17 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙනවා.

ඔවුන් මෙරට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග සාකච්ඡා කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා විසින් පිළිගත් රුසියානු දූත පිරිස මෙරට පරමාණු බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමගද සාකච්ඡා කර තිබෙනවා.

රුසියානු න්‍යෂ්ටික බලශක්ති ආයතනය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සාමකාමී භාවිතය සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිත කිරීමට අදාළව පුළුල් සාකච්ඡාවක් පැවති බවයි.

එමෙන්ම මෙරට රජයේ නියෝජිත පිරිසක්ද වැඩිදුර සාකච්ඡා සඳහා රුසියාවේ සංචාරය කිරීමට නියමිත අතර, ඔවුන් එහි න්‍යෂ්ටික බලාගාර ද නිරීක්ෂණය කිරීමට නියමිත බව ගෝලීය න්‍යෂ්ටික පුවත් වෙබ් අඩවිය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories