පොලිස් වෙඩි පහරකින් කතරගමදී යතුරුපැදිකරුවෙක් මරුට

Sunday, 21 January 2018 - 6:43

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කතරගම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.55 ට පමණ මෙය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

රාත්‍රී කතරගම නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වැඩසිටි කන්ද පාර දෙසට ධාවනය වු යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර තිබෙනවා.

එය පොලිස් අණ නොතකා ධාවනය වීම හේතුවෙන් පොලිස් නිලධාරියා යතුරුපැදියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇතැයි සඳහන්.

එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු කතරගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණයට පත්වී ඇත්තේ කතරගම නාගහවීදිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

මේ  සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයා යටතේ වැඩිදුර විමර්ශණ පවත්වාගෙන යන බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් පසු කෝපයට පත්වූ පිරිසක් කතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරී ඇති අතර, ඔවුන් පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.

පසුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදුවූ බවයි පොලීිසිය සඳහන් කළේ.

මේ වනවිට කතරගම නගරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති අතර, පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories